( ඩි.කේ.රත්න සහ සමන් පාලිත )
නාය යෑමේ දැඩි අවධානමකට ලක්වීම නිසා හපුතලේ දඹේතැන්න වතුයායේ මාවුස්සාගොල්ල කොටසේ වතු නිවාස 64 ක සාමාජිකයින් 265 දෙනකු අද ( 08) සවස එම නිවාසවලින් ඉවත් කර අවතැන් කඳවුරක රඳවා ඇතැයි හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
මාවුස්සාගොල්ල කදුවැටිය පුපරා ගොස් එම පිපුරුම් ස්ථානවලින් ජලය කාන්දුවී නිවාසවලට ගලායාම නිසා හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම පුද්ගලයින් එම නිවාසවලින් ඉවත් කර හපුතලේ දඹේතැන්න වතුයායේ දඹේතැන්න අංක 02 දෙමල විද්‍යාලයේ අවතැන් කදවුරක මෙම පිරිස රඳවා ඇත.
ප‍්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මෙම නායයෑමේ අවදානම මතුවී තිබෙන අතර හපුතලේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම පිරිසට ආහාර පාන ලබාදීමට කටයුතු යොදා තිබේ.
(ඡායාරූප -සමන් පාලිත )