(සුජිත් හේවාජුලිගේ)
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, වළල්ලාවිට සහ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කොලොන්න, කලවාන, අයගම, බලංගොඩ, ඇලපාත, කහවත්ත, ඉඹුල්පේ සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 02 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර අැත
මීට අමතරව බදුල්ල, කොළඹ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර 01 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ :- බණ්ඩාරවෙල, හපුතලේ, ඌව පරණගම, කන්දකැටිය සහ හල්දුම්මුල්ල
කොළඹ දිස්ත්‍රික්කයේ :- පාදුක්ක
කළුතර :- මතුගම සහ හොරණ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ :- කටුවන
මහනුවර දිස්ත්‍රික්කයේ :- පාතහේවාහැට, තුම්පනේ, ගඟඉහළ කෝරළය, උඩුදුම්බර, උඩුනුවර, උඩපළාත, ගඟවට කෝරළය සහ පස්බාගේ කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කයේ :- අරණායක, රුවන්වැල්ල, යටියන්තොට, රඹුක්කන, කෑගල්ල, දැරණියගල, ගලිගමුව සහ වරකාපොළ
මාතර දිස්ත්‍රික්කයේ :- පස්ගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ :- කොත්මලේ සහ අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කයේ :- ඇඹිලිපිටිය, කිරිඇල්ල, ඕපනායක සහ වැලිගෙපොළ, කල්තොට

