නාමල් රැගත් බසය නවත්වන්න හම්බන්තොට ටයර් පුළුස්සති


සනත් ගමගේ

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රැගත් බන්ධනාගාර බස් රථයට තංගල්ලට යෑමට නොහැකි වන පරිදි පිරිසක් හම්බන්තොට ගුවන් පාලම ආසන්නයේ පාර මැද ටයර් පුළුස්සා තිබිණි.

පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණ ගිනි ගනිමින් තිබෙන ටයර් නිවමින් පාර අයිනට අැද බස් රථයට යෑමට ඉඩ සලසා දුන්නේය.

බස් රථය ගිය පසු පොලිසිය සහ විශේෂ කාර්ය බළකා සාමාජිකයෝ පිළිසෙන්න ටයර් නිවමින් සිටිති.

ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

(ඡායාරූප සනත් ගමගේ)