
(සුජිත් හේවාජුලිගේ )
කිසිදු දේශපාලන බලපෑමකට යටනොවී අවංකව රාජකාරී කරන්නැයි තමා සියලු පොලිසි නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මේ ආණ්ඩුව මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන හොඳ වැටලීම් කරන නිලධාරීන් මාරුකර යවන බවද රාජපක්ෂ මහතා කීවේය
ඒ වගේම ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලය පොලිස්පතිවරයා යටතට ගැනීමට උත්සාහ දරන බවටද ඔහු චෝදනා කළේය.

