නාමල් පාර්ලිමේන්තු කාරක සභාවෙන් අස්වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.

මේ අනුව එම පුරප්පාඩුවට එම පෙරමුණේ මන්ත්‍රී ඩීවී චානක මහතා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැන්වීය.