නාමල් ධර්ගා ටවුමේ හානි බලයි


පසුගිය 15 වැනි දා අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට පැටළුණු ගම් වැසියන් හමු වීමට හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද ගියේය.

ධර්ගා නගරයේ මව්ලවිවරුන් සමග සාකච්ඡා කළ රාජපක්ෂ මහතා පතිරාජගොඩ හා අධිකාරි ගොඩ සිදු වූ හානි ද දැක බලා ගත්තේය.

රාජපක්ෂ මහතා පතිරාජගොඩ යන බවට ට්විටර් පණිවිඩයක් ද අන්තර් ජාලයට එක් කර ඇත.