(ඉන්දිකා රාමනායක)
යුද හමුද සේවයෙන් පලා යාම සම්බන්ධයෙන් නාමල් කුමාර එරෙහිව ඉදිරියෙ දී හමුදා පරීක්ෂණයක් ආරම්භ කර ඔහු අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව පවසයි.
නාමල් කුමාර සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණ අවසන් වු පසු මෙම හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
හමුදාවෙන් පලා ගිය පුද්ගලයකු සම්බන්ධයෙන් හමුදාව ගන්නා කි‍්‍රයා මාර්ග නාමල් කුමාර සම්බන්ධයෙන් ද ගන්නා බවද බි‍්‍රග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
නාමල් කුමාර හමුදාවේ රාජකාරි කළ පුද්ගලයකු යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව යුද හමුදාවෙන් කළ විමසුමකදී ඔහු හමුදාවේ රාජකාරි කර ඉන් පලාගොස් ඇති අයකු බවට තහවුරු කළ බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

