(චන්ද්‍රසේන ගමගේ සහ සනත් ගමගේ)
හම්බන්තොට පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙක් මීට සුළු මොහොතකට පෙර හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණියහ.
රාජපක්ෂ මහතාට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර ,ඩී.වී චානක , දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල,බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර සහ රණවිරු සංසදයේ සභාපති අජිත් ප්‍රසන්න යන මහත්වරු ද පැමිණියහ.




