නාමල් ඇතුළු 5කගේ රට ගමන් තහනම තාවකාලිකව ඉවතට


නිමන්ති රණසිංහ
 
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ කොටස් අයිතියෙන් යුතු එන් ආර් කන්සල්ටන්ස් සහ ගවර්ස් කෝපරේට් සර්විස් යන සමාගම් මගින් සැක සහිත ගනුදෙනු සිදුකර මුදල් විශුද්ධිකරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට විදෙස් ගමන් තහනම් කර තිබුණි. 

 
විදෙස් ගමන් තහනම් කර සිටි නාමල් රාජපක්ෂ ඇතුලු සැකකරුවන් පස් දෙනාගේ එම තහනම මාස පහක කාලයක් සඳහා තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
 
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, චන්ද්‍රසේකර පවිත්‍රා  සුජානි බෝගොල්ලාගම, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ නිත්‍යා සේනානි සමරනායක යන අයවලුන් ගේ විදෙස් ගමන් තහනම ලබන ඔක්තෝම්බර් මස 25 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය තීරණය කළේය.