(චන්ද්‍රසේන ගමගේ,ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට මහතාට හෙට (10) දිනයේ දී හම්බන්තොට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද හෙට (10) අළුත්කඩේ උසාවියේ නඩුවක් ඇති බව පවසා ඔහු අද (9) හම්බන්තොට පොලිසියට පැමිණියේය.
අධිකරණය විසින් තහනම් නියෝග නිකුත් කර තිබියදී එම නියෝග උල්ලංඝණය කර හම්බන්තොට දී විරෝධතාවයේ නිරතවීම ඔහුට ඇති චෝදනාව වේ.
අද (9) දින ප්‍රකාශයක් ගැනීමට කාලය ප්‍රමාණවත් නැති බව පැවසූ පොලිසිය ඉදිරියේදී තමන්ට පොලීසියෙන් නැවත පැමිණිට දැනුම් දෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

