නාමයෝජනා ගන්නා ස්ථානවලට උපකාරක සේවාවක්


රංජන් කස්තුරි 
 
නාමයෝජනා බාර ගන්නා සෑම ස්ථානයකම මැතිවරණ කොමිෂන් සභාව මඟින් උපකාරක සේවාවක් (Help Desk) ක්‍රියාත්මක කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 
කිසියම් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ නාමයෝජනා බාරදීමට පෙර අවශ්‍ය නම් හෙල්ප් ඩෙස්ක් වෙත ගොස් නාමයෝජනා ප්‍රතිඵල සකස්කර ගැනීමේ හැකියාව තිබු බවද දේශප්‍රිය මහතා කීවේය.
 
රටපුරා නාමයෝජනා බාර ගන්නා මධ්‍යස්ථානවල මෙම සේවාව ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා මැතිවරණ නිලධාරීන් යොදවා තිබු බවද ඔහු පැවසීය.