සිරංගිකා ලොකුකරවිට සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිධූරය වෙනුවට නාමමාත්‍ර විධායක ජනාධිපති ධූරයක් ඇතිවීමෙන් රට අස්ථාවර වන බැවින් එම සංශෝධනයට විරුද්ධ විය යුතු යැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට ගෙන එන ලද යෝජනාවක් අද (12) වැඩි ඡන්ද නමයකින් සම්මත විය.
මෙම යෝජනාව ගෙන එන ලද්දේ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දීපික ලියනගේ මහතා විසිනි.
යෝජනාවට පක්ෂව ඡන්ද 11ක් හිමිවූ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා පමණි.
එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර එම සංඛ්‍යාව 9 කි.