නාපොලි හොර වැඩක් අල්ලයි


ශ්‍රී ලංකාවට එවිමට සූදානම්කර තිබූ හාර්ලිඩේවිඩ්සන්,ඩුකාති,බිඑම්ඩබ්ලිව් ආදී අධිබලැති වටිනා  යතුරුපැදි කොටස් කීපයක් අඩංගු පෙට්ටි කීපයක් බහාලුමකට ඇතුළු කරද්දී ඉතාලියේ නාපෝලි නගරයේ කලාතා ග්‍රනීලී නම්වූ   වරාය කොටසේ දී නාපෝලි පොලීසිය විසින් සොයාගෙන ඇත.

තිස්හය හැවිරිදි ලාංකිකයෙක් ද, අසූ වියැති සහ තිස්නව වියැති නාපෝලිනගරයේ ඉතාලි ජාතිකයෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.

 පොලීසිය පවසන අන්දමට මෙම යතුරුපැදි සොරකම්කර හෝ  කොල්ලකා  කොටස්කර පෙට්ටිවල තැන්පත්කර ඇඳුම් සහ ආහාරයයි පවසමින් බහාලුම් මාර්ගයෙන් ලංකාවට යවා එහිදී නැවත යතුරැපැදි ව‍ශයෙන් සකස්කොට විකුණන බවයි.

පසුගිය දිනක උදෑසන හයයි තිහට පමණලොරියකින් විශාල පෙට්ටි කිපයක් බහාලුමකට තැන්පත්කරනු දුටු පොලීසියට මෙම සොරකම අල්ලාගැනිමට හැකිවීඇත. මෙහිදී ලාංකිකයා විසින්  සේවකයෙකුට යූරෝ දෙසීයක අල්ලස්  දී ඇති බවද සඳහන්වේ. අසුවියැති ඉතාලි ජාතිකයා නිවාස අඩස්සියේ තබා ඇත.