(රේඛා තරංගනී ෆොන්සේකා)
දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරය නාඳුනන මළ සිරුරු 13 ක් ශිතාගාරවල තිබීම හේතුවෙන් අධික දුඟඳක්ද හමා යන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ මෙම හඳුනා නොගත් මළ සිරුරු විශාල ගැටලුවක් වී ඇති බවයි.
විවිධ අනතුරු වලට ලක්ව ප්‍රදේශයේ පොලිස් ස්ථානයන්ගේ මැදිහත් වීමෙන් රෝහල් මෘත ශරීරාගාරයට ගෙන එන බව කියන මෙම සිරුරු රෝහලට ගෙන ඒමට කටයුතු කළ ද නැවත රැගෙන යාමට කිසිදු උනන්දුවක් නොදක්වන බව වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසීය.
දෙහිවල,මොරටුව,වැල්ලවත්ත,පිළියන්දල,ගල්කිස්ස පොලිස් ස්ථානයන්ගෙන් මෙම මෘත ශරීර ගෙනැවිත් දමා ඇති බවත් මේවා හඳුනා ගැනීමේ දී සහ අවසන් කටයුතු සිදු කිරීමේදී නීතිමය ක්‍රියාවලියක් සිදු කළ යුතු නමුත් හැකි ඉක්මනින් මෙම සිරුරු ඉවත් කිරිමට කටයුතු කිරීම අදාල නිලධාරින්ගේ යුතුකමක් බවත් වෛද්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

