(රංජිත් රාජපක්ෂ)
දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් අද පෙරවරුවේ සිට ආරම්භ කළේය.
නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අගහරුවාදා දිනකම ගමන් ආරම්භ කරන අතර, එම දුම්රියෙන් ගමන් කරනා දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට දිස්වෙන සුන්දර දියඇලි ඇතුලු ආකර්ෂණිය ස්ථාන දැකබලා ගෙන ඡායාරූප ගැනීමට පහසුවන පිරිදි එම දුම්රිය මැදිරි සකස්කර ඇති අතර, එක් මැදිරියක් වහළක් නොමැතිව විවෘතව පවති.
එම දුම්රියේ විශේශ භොජනාගාරයකින්ද සමන්විතවන අතර එම දුම්රියෙන් නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් කරනා එක් සංචාරකයකුගෙන් රු.10000 /= මුදලක් අය කරනු ලබයි.