නානුඔය ලැගුම්හලේ ගණිකාවන් සමග ගංජාත් දීලා


පේරාදෙණිය, කිරිබත්කුඹුර, නානුඔය ප්‍රදේශයේ නවාතැන් පලක් ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක ගණිකා සේවයේ යෙදී සිටි බවට සැකපිට කාන්තාවක් (27) හා එහි හිමිකරුද ඔහු සතුව තිබූ ගංජා මිලිග්‍රෑම් 2000 ක් සමග සමග තවත් සැකකරුවකුද අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිසියට ලැබුන තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත සිදු කළ වැටලීමේදී  එහි පැමිණෙන පුද්ගලයන්ට  ගංජා අලෙවි කළැයි සැකකරන බවත් මාලඹේ ප්‍රදේශයෙන් මෙහි ගණිකා සේවය සඳහා තවන් කාන්තාවන් පැමිණ ඇති බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙහි හිමිකරු ගම්පොළ ප්‍රදේශයේ අයකු බවත් එම ස්ථානය කුලියට ගෙන මෙම ලැගුම්හළ පවත්වාගෙන ගොස් ඇතැයිද කියති.