
(ශාන්ත චන්ද්‍රසිරි)
අධික මිල ගණන් යටතේ ගොවීන්ට අළෙවි කිරීම සඳහා නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේ නිවසක සඟවා තිබු රසායනික පොහොර මිටි 129 ක තොඟයක් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගත්බව නානුඔය පොලීසිය පවසයි.
නානුඔය පොලීසියේ විශේෂ කාර්යංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමග එක්ව සිදු කරන ලද මෙම වැටලීමේදී එම නිවසේ ඉතාමත් රහසිගතව සඟවා තිබු කිලෝ 50 කින් සමන්විත පොහොර මිටි 129 ක තොඟය සොයා ගෙන තිබේ.
සඟවා තිබු පොහොර කිලෝ වශයෙන් ඉතාමත් අධික මිලකට මෙම ස්ථානයේ අලෙවි කොට ඇති බවට තොරතුරු හෙලිව ඇතැයි වැටලීම සිදු කරන ලද නිලධාරීහු පවසති.
නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් පොහොර තොඟය සඟවා තිබු ගොඩනැගිල්ට මුද්‍රා තබා සිද්ධියට සම්බන්ධ සැකකරු ඉදිරි දිනකදී නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.



