
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අත්තනගලු ඔයේ කොටුගොඩ බෝලන්ද නාගස්මැන්ඩිය වාන අසල දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
මෙසේ දියේ ගිලි අතුරුදන්ව ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචිව සිටි බව කියන අශේන් දිලුක් සිල්වා නැමති පහළොස් හැවිරිදි පාසල් සිසුවෙක් බව පොලිසිය කියයි .
කටාන ප්‍රදේශයේ පාසලක ඉගෙනුමට ලබන බව කියන මෙම සිසුවා කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි තවත් සිසුන් දෙදෙනෙකු සමඟ ඊයේ( 23 ) පමණ දිය නෑමට ගොස් ඇත.
ඒ අවස්ථාවේ දී එක් සිසුවෙකු දියේ ගිලි ගසාගෙන යන ආකාරය දුටු අනෙක් සිසුවා ඒ බව සෙසු පිරිසට දැනුම් දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

