නාන්න ගිය අයියා නගෝ ගිලී මරුට


(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව මාමඩුව වැවේ දිය නෑමට ගිය සහෝදරයින් දෙදෙනෙකු අද (24) දහවල් දියේ ගිලී මිය ගොස් ඇති බව මාමඩුව පොලීසිය පවසයි.

වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයියා සහ 17 හැවිරිදි නැගනිය  වේ.

වැවේ ගැඹුරු සහිත ස්ථානයකට බැස්ස නැගනිය දිය යට ගිලී මඩේ එරී ඇති බවත් ඇය බේරා ගැනීමට සහෝදරයා ද එම ස්ථානයට පැන්නද සහෝදරයාටද නැවත ගොඩට ඒමට නොහැකී වී ඇත.