නාත්තන්ඩිය කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙකු අයි .ඩි.එච් යවයි


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
මේ වන විට කොරෝනා ආසාදිතයකු  බවට හඳුනාගෙන ඇති නාත්තන්ඩිය ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙ‍කු කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමත් සමඟ  අංගොඩ බෝවන රෝග විද්‍යාතනය වෙත අද ( 30 ) දින යැවිමට කටයුතු කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දින්‍රෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

නාත්තන්ඩිය ගැමුණු මාවතේ පදිංචි 60 හැවිරිදි මෙහොමඩ් ෆාරුක් නැමති ව්‍යාපාරිකයා 26 දින රෝහල් ගත කිරිමේන් පසුව හදුනාගෙන තිබුණි
 
අදාල ව්‍යාපාරිකයා තම ව්‍යාපාරික කටයුත්තක් සදහා පසුගිය 12 දින ඉන්දියාවට ගොස් නැවත ශ්‍රී ලංකාවට 13 දින පැමිණ ඇති බවත් ඉන් පසුව මොහු ප්‍රදේශයේ පැවති අවමංගල උත්සව දෙකකට සහභාගිවි ඇති බවත් ඒ සමගම ප්‍රදේශයේ පවුල් රැසකට ආහාර මළු ලබා දිමට ගොස් ඇති බවද සෞඛ්‍ය අංශ අනාවර්ණය කරගෙන ඇති බව කියයි.

කෙසේ නමුත් අදාල ව්‍යාපාරිකයා කොරෝනා අසාදිතයකු බවට හදුනාගෙන දින කිපයකින් පසුව ඔහුගේ බිරිදද රෝහල් ගත කිරිමේන් පසුව ඇයද ‍කොරෝනා ආසාදිතයකු බවට හදුනාගෙන ඇති තිබුණි .
 
ඒ සමගම මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ සිටි මාස තුනක බිළිදියක් හා ඔහුගේ බැණා සහ තවත් ‍දෙදෙනෙකු  අදාල ව්‍යාපාරිකයාගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී  ඊයේ (29 ) දින රාත්‍රි 10 පමණ ආසාදිත රෝග ලක්ෂණ මතු කිරිමේන් පසුව හලාවත මහ රෝහලේ නව කොරෝණා ඒකකයට ඇතුලත් කර තිබුණි.
 
සිව් දෙනා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ තදින් පෙන්විමත් සමග වහාම අද  උදෑසන අංගොඩ බෝවන රෝග විද්‍යාතනයට යැවිමට කටයුතු කළ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය වැඩි දුරටත් පැවසිය.