හිරාන් ප්‍රියංකර ජයසිංහ
නාත්තන්ඩිය දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම මාර්ගයේ තුන්මෝදර පාලම මත ලොරියක් සිර වීමත් සමඟ අද (27) ගමනා ගමන කටයුතු වලට බාධා එල්ලවී තිබුණි.
පාලම මතින් නැවත වාහන ගමන් කිරීමේදි පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගත් මාර්ග සංවර්ධන අධිකාරිය නැවත දැනුම් දෙන තුරු ගමනා ගමන කටයුතු නවතා දැමීමට කටයුතු කර තිබුණි.
තාවකාලිකව වසා ඇති මෙම මාර්ගය පුත්තලම කොළඹ මාර්ගයේ ලුණුඔය පාලම අසලින් දිවෙන අතර එය බෝලවත්ත තොප්පුව දක්වා ගමන් කිරීමට හැකියාව ඇති අතර මහවැව සහ කොස්වත්ත පොලිස්ථාන දෙකකට මැදිව තිබේ.
මාර්ගය වසා දැමීමත් සමඟ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය රියදුරන්ට දැනුම් දෙයි.