( ඔගස්ටින් ප්‍රනාන්දු)
නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රි උපුල් හේරත් රුපියල් ලක්ෂ පහ බැගින් වන සහතික ඇප දෙකක් මත මුදා හැරීමට මාරාවිල දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍ර රාජා මහතා අද (7) දහවල් නියෝග කළේය.
මන්ත්‍රීවරයා පසුගිය මැයි මස 13 වන දින කොස්වත්ත ප්‍රදේශයේ ඇතිවු සිද්ධින් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටියේය.
ඉකුත් අප්‍රියෙල් මස 21 වන දින දිවයිනේ ඇතැම් ප්‍රදේශවල සිදුවු ඇතැම් සිද්ධින් වලින් පසු යම් සංවිධානය වු පිරිසක් මැයි මස 13 වන දින කොස්වත්ත පොලිස් වසමට අයත් කොට්ටරාමුල්ල තුම්මෝදර මොරකැලේ ගම්මාන වල ජාතිවාදි ගැටුම් ඇති කරමින් දේපල හානි කරමින් හා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිමේ සිද්ධින් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට සිටිය දි ඔහු නිතියට පිටු පාමින් විදේශගතවි සිට පසුව පෙරළා මෙරටට පැමිණි නිතිඥයින් මාර්ගයෙන් මාරාවිල අධිකරණයට බාර වු පසු ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණි.
මැයි මස 13 වන දින සිදුවු සිද්ධින් සැකකරුගේ උසි ගැන්වීම මත සිදුව තිබු බව තිබු බව ඒ සම්බ න්ධයෙන් පරික්ෂණ සිදු කළ විශේෂ පොලිස් නිලධාරින් පිරිසක් විසින් හෙළි කර ගෙන තිබුණි.වැඩිදුර විභාගය මේ මස 21 වන දිනට කල් දැමිණි.

