නාගොඩ අමරවංශ නාහිමියෝ අපවත්වෙති


(විනීතා එම්  ගමගේ)  
 
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මරදාන ශ්‍රී ලංකා විද්‍යාලාධිපති, ශ්‍රී විමලවංශ වංශාවතංශ, ශාසන කීර්ති ශ්‍රී කවිධජ සද්ධම්මවාගීෂ්වර ආචාර්ය නාගොඩ අමරවංශ නාහිමිපාණෝ අද (22) අපවත් වී වදාලහ.
 
අපවත් වන විට උන් වහන්සේ 69 වන වියේ පසුවූහ.
 
උන් වහන්සේ මහා මහින්ද ජාත්‍යන්තර ධර්ම සභාවේ අනුශාසක ලෙස ඉන්දියාව, නේපාලය, කොරියාව, චීනය ආදී රටවල් රැසක විහාරස්ථාන අරඹා විදේශ ධර්ම දූත සේවාවන්හි ද නියැලි මහ තෙර නමකි. 
 
අමරවංශ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය මේ මස 25 වැනිදා පස්වරු 3 ට සිදුකිරීමට කටයුතු යොදා ඇති අතර ස්ථානය ඇතුළු විස්තර පසුව දැනුම් දෙන බවද ආදාහන කමිටුව දැනුම් දෙයි.