
(ඩයනා උදයංගනී)
කළුතර නාගොඩ මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල ශික්‍ෂණ රෝහල් වශයෙන් උසස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මොරටුව විශ්ව විද්‍යාලයේ ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය හා සායනික කටයුතු වෙනුවෙන් මෙම රෝහල් දෙක යොදාගැනීමට නියමිත බැවින් මෙසේ උසස් කිරීමට තීරණය කෙරුණු බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව එම යෝජිත වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කළුතර මහ රෝහලේ පිහිටුවීමටත්, සායනික කටයුතු සඳහා හෝමාගම රෝහල යොදාගැනීමටත් නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

