නාගරික මන්ත්‍රී සත්‍යග්‍රහයට රුවන් යයි


(අංජුල මහික වීරරත්න)

කොළඹ නාගරික කොමසාරිස්වරිය ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් සත්‍යග්‍රහ කරන කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් හමූ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා එහි ⁣ගියේය.

කොළඹ නගර සභාව ඉදිරිපිට අට්ටාලයක් තනා මෙම මන්ත්‍රීවරු සත්‍යග්‍රහය කරති.

නාගරික කොමසාරිස්වරිය  දිගින් දිගටම සභාවේ කටයුතු වලට බාධා කරන බවත් එනිසා ජනතා සේවය සැලසීම  ගැටලු සහගත වී ඇති බවත් නාගරික මන්ත්‍රීවරුන් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට දැනුම් දුන්නේය.

පසුගිය බදාදා (18) ඇරැඹූ මෙම සත්‍යග්‍රහය සඳහා පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් සහභාගී වී සිටින බව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.