නාකොටික් විසි දෙනා යළි රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට රිමාන්ඩ් බාරයේ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 12 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (30) නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සිද්ධියට අදාල පරීක්ෂණ අද (30) කැදවූ අවස්ථාවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී දැනට විදේශගතව සිටින උදාර සම්පත් නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු ලබාගෙන ඇති බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදිකරනයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.