(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ස්වභාවික වනාන්තර පිහිටි කඳුබිම් ආශ්‍රිත රක්ෂිතවල පවතින දේශීය ඖෂධ රැසක් රහසේ අලෙවිකරන ජාවාරමක් ක්‍රියාත්මක බව ප්‍රදේශවාසීහු පවසති.
ඉපැරණි ස්වභාවික වනාන්තර වන නාඋල - මහකුමාරගල කන්ද, නිකුළ හා බිබිල කඳුවැටිවලට ආවේණික බිංකොහොඹ විශේෂ, කලාතුරකින් දැකගත හැකි නඟා මැරූ අල විශේෂ ආදිය යම් පිරිසක් අලෙවිකරන බව ඔවුහු පවසති.
විවිධ මිල ගණන් යටතේ රහසේ කෙරෙන මෙම දේශීය ඖෂධ කොල්ලය හේතුවෙන් පාරම්පරික දේශීය වෙදකමට ද අනතුරට පත්ව ඇතැයි නාඋල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරු කියාසිටිති.
රක්ෂිතවල ඖෂධ අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව මාතලේ දිස්ත්‍රික්කයේ රක්ෂිතවල විවිධ ඖෂධ වර්ගවලට කරන බරපතල හානිය සම්බන්ධයෙන් අදහස් දක්විමන් දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් කියාසිටියේය. නාඋල ප්‍රදේශයේ ඖෂධ මංකොල්ලය සම්බන්ධයෙන් සිය අමාත්‍යංශයේ අවධානය යොමුකරන බව ද හෙතෙම පැවසීය.



