නළ ළිඳ ළඟ ජවිපෙට ප්‍රහාරයක්


මොනරාගල මඳුරුකැටියේදී හා සිරිගලදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් දෙදෙනකු  මැර ප්‍රහාර වලට ලක්ව රෝහල්ගත කැර ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.

මැරයන් අංක තහඩු නැති ඩිෆෙන්ඩර් හා සුදු වෑන් රියකින් පැමිණ ඇති බවත් මඳුරුකැටියේ ප්‍රහාරය සිදුව ඇත්තේ පොදු නළ ළිඳක් ළඟ බවත් පැමිණිල්ලේ සඳහන්ය.

සිරිගලදී ජවිපෙ පෝස්ටර් අලවමින් සිටි පිරිසකට පහර දී ඇතැයි ද  කියති.

Snapshot(62) Snapshot(64) Snapshot(66).jpgk Snapshot(67)