නහය සපා කෑම බේරුමකට


ව්‍යාපාරික නඩරාජා තිවාකරන්ගේ නහය සපා කෑවේ යැයි චෝදනා ලබා සිටි  එජාප රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද සමථයක් ඇති කැර ගත්තේය.

ඒ අනුව ඔහු නඩුවෙන්  මුදා හැරිණි.

2012 මැයි 27 වැනිදා ගාලු මුවදොරදී තිවාකරන්ගේ නහය සපා කෑවේ යැයි ගන්කන්ද චෝදනා ලබා සිටී.

මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ දෙපාර්ශවයම සිද්ධිය බේරුම් කැර ගත්හ.