නවුසර් ෆවුසිට දැඩි අවවාද


බම්බලපිටියේ ව්‍යාපාරික මුස්තාක් සාලි මොහොමඩ් ටොරින්ටන් චතුරස්‍රයේ ව්‍යායාම් කරද්දී පිස්තෝලයක් පෙන්වා තමා මරණ බවට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසිට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම සිද්ධිය සමත මණ්ඩලයට යොමු කළේය.

පැමිණිලිකරුට තර්ජනය කළහොත් ඇප අවලංගු කරන බවත්, මහේස්ත්‍රාත් ෆවුසිට කීවේය.

පසුගිය රජය සමයේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණයක් නොකළ බව ද පැමිණිලිකරු කියා සිටියේය.