වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තේය.
ඔහු මුලින් තම ආසනයේ වාඩිගෙන සිටිය ද පසුව පිටතට ගොස් යළි පැමිණියේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට වෙන් කර ඇති දොරටුවකිනි. ඔහු සන්දීත් සමරසිංහ මන්ත්‍රීවරයාගේ අසුන අසල ආසනයේ වාඩි වී එජාප පසුපෙ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමග කතා බහ කළහ.
එම අසුන්වල අසුන්ගන්නේ එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුය. කැබිනට් අමාත්‍යවරුන් විපක්ෂය දෙසට සාමාන්‍යයෙන් යන්නේ නැත.

