(රේඛා තරංගනී ෆොන්සේකා)
ගුවන් යානා ඇති ස්ථානය නියමුවාගේ සංඥා නිකකුත්වීම නොමැතිව වුවද සොයා ගත හැකිවන ආකාරයට වැඩි දියුණු කළ නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂිත ගුවන් ගමන් පාලක රේඩාර් පද්ධතිය ගුවනට මුදා හැරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි කොළඹ ගුවන්තොටුපළෙදී අද(15) සිදු කෙරිණි.
එම අවස්ථාවට විදේශීය නියෝජිතයින් කොළඹ ගුවන්තොටුපොළේ කළමනාකරු ඇරුණ රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




