(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 6 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (9) පැවැති තරගයේදී නවසීලන්තය ලකුණු 99 කින් නෙදර්ලනත්ය පරාජය කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 323 ක ඉලක්කය වෙනුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත පිල ඕවර 46.3 කදී ලකුණු 223 කට සීමාවිය.
මිචෙල් සෑන්ට්නර් අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 59 කට කඩුලු 5 ක් දවාගත්තේය. නවසීලන්ත පිල ඕවර 50 යේදී කඩුලු 7 ට 322 (ඩෙවොන් කොන්වේ 32, විල් යංග් 70, රචින් රවින්ද්‍ර 51, ඩර්ලි මිචෙල් 48, ටිම් ලෙතම් 53, මිචෙල් සෑන්ට්නර් නොදැවී 36, රොයිලොෆ් වෑන්ඩර් මෙර්වේ 56/2) නෙදර්ලන්ත පිල ඕවර 46.3 කදී සියලු දෙනා දැවී 223 (කෙලින් අඅකර්මන් 69, තෙජ නිඩමනුරූ 21, ස්කොට් එඩ්වඩ්ස් 30, මිචෙල් සෑන්ට්නර් 59/5, මැට් හෙන්ද්‍රි 40/3)

