නවසීලන්තය පිට පිටම තුන්වැනි ජය ලබයි


(යොහාන් භාසුර)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු  වටයේ 11 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (13) පැවති තරඟයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8 කින් බංග්ලාදේශය පරාජය කිරීමට සමත් වූහ.

නවසීලන්තය මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග තුනම ජය ලබා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය.

බංග්ලාදේශ පිල ඕවර 50 යෙදී කඩුලු 9 ට 245 (මෙහෙදි හසන් මිරාෂ් 30, ශකීබ් අල් හසන් 40, මුෂ්ෆිකුර් රහීම් 66, මහුමුදුල්ලා නොදැවී 41, ටස්කින් අහ්මඩ් 17, ටේ‍රන්ට් බෝල්ට් 45/2, මැට් හෙන්ද්‍රි 58/2, ලොකී ෆර්ගියුසන් 49/3)

නවසීලන්ත පිල ඕවර 42.5 කදී කඩුලු 2 ට 248 (ඩෙවෝන් කොන්වේ 45, කේන් විලියම්සන් 78, ඩැරිල් මිචෙල් නොදැවී 89, ග්ලෙන් පිලිප්ස් නොදැවී 16)