නවසීලන්තය 8‐7 කින් ප‍්‍රංශය පරදවා ලෝක කුසලාන රග්බි ශූරතාව දිනයි
නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඕක්ලන්ඩිහි ඊඞ්න් පාක් ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති අවසන් මහා තරගයේදී නවසීලන්තය ලකුණු 8-7 ක් ලෙස ප‍්‍රංශය පාරජය කරමින් තියුණු ජයක් ලැබීය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-0 ලෙස නවසීලන්තය පෙරමුණ ගත්තේය. ජයග‍්‍රාහි නවසීලන්තය උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ප‍්‍රංශය ගෝලයකින් ලකුණු එකතු කර ගත්තේය.

