
(විමුක්ති එස් රුද්‍රිගු)
නවසීලන්ත පාර්ලිමේතුවේ කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතා ඇතුළු එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 8 සිට අද (11) වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත විය.
කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි දූත පිරිසට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ.
කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතා ඇතළු දූත පිරිස සිය නිල සංචාරයේ අවසන් දිනයවූ අද (11) ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමට අමතක නොකළහ. නවසීලන්ත දූත පිරිස පිළිගත් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඔවුන්ට ආගමික වතාවත් පිළිබඳව පැහැදිලි කරමින් ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දුන්නේය.
දෙරටේ පාර්ලිමේන්තු සහ පුද්ගලයන් අතර සබඳතාවය පුළුල් කර ගැනීමේ වැඩසටහනේ කොටසක් ලෙස නවසීලන්ත කතානායකවරයා මෙරට සංචාරයේ නිරත විය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
මෙරටට පැමිණි නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ආචාර්ය කාර්ලෝස් චංග්, ඇන්ඩි ෆොස්ටර්, කුශ්ලා ටැන්ජියර් මැනුවෙල් සහ ලෝරන්ස් සූ නාන් වූහ.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)




