ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථානයේදී වෙඩි තැබීම කළ පුද්ගලයා නම නැවත නොකියන බව නවසීලන්ත අගමැතිනි ජසින්ඞ් ආර්ඞ්න් ප්‍රකාශ කළාය.
“ඔහු ඔහුගේ ත්‍රස්ත ක්‍රියාවෙන් බොහෝ දේ බලාපොරොත්තු වෙනවා. ප්‍රසිද්ධියට පත්වෙමින් ඔහුගේ ක්‍රියාවට ප්‍රසිද්ධියක් ලබාදීමට උත්සාහ කිරීම එයින් එකක්. ඒ නිසා මා නැවත කිසිදු දිනෙක ඔහුගේ නම කියන්නේ නැහැ. එයි සිදුවෙන්නේ නැහැ” යැයි නවසීලන්ත පාර්ලිමේන්තුවේදී ඉතා සංවේදී කතාවක් කරමින් අගමැතිනියා කීවාය.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හිදී මුස්ලිම් දේවස්ථාන දෙකක පසුගිය සිකුරාදා සිදු වූ වෙඩි තැබීම්වලින් 50 දෙනකු මරුමුවට පත්ව තවත් පිරිසක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම කළ පුද්ගලයා ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරැන්ට් නමින් හැඳින්විණි. වයස අවුරුදු 28ක් වන එම පුද්ගලයා සුදු අන්තවාදියකු යැයි පැවැසුණු. ඔහුට ඝාතන චෝදනා එල්ල වී තිබේ.
“මම ඔබ සියුල දෙනාගෙන් අයැද සිටිනවා. වෙඩි තැබීමෙන් ජීවිත අහිමි වූවන්ගේ නම් කියන්න. ඔහු ත්‍රස්තවාදියෙක්. ඔහු අපරාධකරුවෙක්. ඔහු අන්තවාදියෙක්. ඉදිරියටත් ඔහු එසෙමයි. මම කතා කරද්දි ඔහුගේ නම කියන්නේ නැහැ. නමක් නැති පුද්ගලයෙක්” යැයි නවසීලන්ත අගමැතිනිය කීවාය.
බී.බී.සී. ඇසුරිනි
055

