නවසීලන්ත - ප‍්‍රංශ අවසන් ගැටුම අනිද්දා


ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ප‍්‍රංශය අතර අනිද්දා (23)  ඕක්ලන්ඩිහි ඊඞ්න් පාක් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් පූර්ව තරගයේදී නවසීලන්තය විසින් 20-6 කින්  ඕස්ටේ‍්‍රලියාව ද, ප‍්‍රංශය විසින් ලකුණු 9-8 කින් වේල්ස් ද පරාජය කරන ලදී. ප‍්‍රංශය 1983 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි හයකට සහභාගි වී 1987 සහ 1999 තරගාවලිවලදී අනුශූරයන් බවට පත්ව තිබේ. සත්කාරක නවසීලන්තය 1987 වසරේ ශූරයන් බවට පත්ව තිබේ.