නවය එකකින් බහී


ලබන 1 වැනිදා සිට ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 8-10 ත් අතර ප්‍රමාණයකින් අඩුවන බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි.

ඒ අනුව රුපියල් 9 ක් වූ අවම බස් ගාස්තුව රුපියල් 8 දක්වාද රුපියල් 13ක ගාස්තුව රුපියල් 12 දක්වාද අඩුවේ.

මේ අනුව රුපියල් 51 ගාස්තුව රුපියල් 44 දක්වාද රුපියල් 101 රුපියල් 93 දක්වාද රුපියල් 201 රුපියල් 184 දක්වාද රුපියල් 301 රුපියල් 276 දක්වාද රුපියල් 400 රුපියල් 368 දක්වාද රුපියල් 501 රුපියල් 459 දක්වාද අඩුවන බව ජාතික ගමනාගමන කොමිසම කියයි.

 bus-2

bus-1