නවනීදන් පිල්ලේ ලංකාවට පිල්ලි අරී


ශ්‍රී ලංකාවේ සිදුවූ බරපතල අපරාධ සම්බන්ධයෙන් කිසිම කෙනකුට සමාවක් දිය නොහැකි බව හිටපු මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ ප‍්‍රකාශ කළාය.

එසේම කිසිදු යුද අපරාධයකට මුක්තිය නොලැබෙන බවත්, ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් ආණ්ඩුවකට එලෙස සමාව දීමට කිසිසේත් හැකියාවක් නැති බවත් පිල්ලේ අවධාරණය කර සිටීන්නීය.

ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවට සහාය  දැක්වීම සම්බන්ධයෙන් වන යෝජනාව සම්මත වීමෙන් පසු අදහස් දක්වමින් ඇය මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන් හතළිස් දහසක් ඝාතනය වී ඇති බව පැවසූ නවනීදන් පිල්ලේ කියා සිටියේ ඉන්දියාව හා දකුණු අප‍්‍රිකාව ශ්‍රී ලංකාවට සහාය වීම ගැන චෝදනා කළ අතර පසුගිය රජයේ අරමුණ වී තිබුණේ දෙමළ කණ්ඩායමක් විනාශ කිරීම පමණක් යැයිද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ගෙන යාමට ජාත්‍යන්තරය ක‍්‍රියා නොකිරීම ගැනද ඇය දොස් එල්ල කළාය.