
( තිළිණි ද සිල්වා )
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොවිඩ් මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීබන් මහතා පවසයි.
මේ හේතුවෙන් මහ කොමසාරිස් කාර්යාල කාර්ය මණ්ඩලයට අයත් සෙසු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් දූරස්ථව සිය රාජකාරි කටයුතුවල නිරත වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.
ඉන්දියාවේ පිහිටි නවදිල්ලි මහකොමසාරිස් කාර්යාලයට අමතරව චෙන්නායි හි ශ්‍රි ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය , මුම්බායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය යන උප කාර්යාල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

