
පස්වරු - 3.30
(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතය හේතුවෙන් දැනට ධාවනය නවතා තිබූ බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ (1001/1002) සහ ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය (4021/4022) සිකුරාදා (28) සිට යළි ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය (28) වැනිදා සිට සෑම සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ධාවනය වන අතර එම දුම්රියන් සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයට එක්කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා සඳහන් කරයි.
ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ අංක 4021 නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය සහ කන්කසන්තුරය සිට ගල්කිස්ස දක්වා ධාවනය වූ අංක 4022 නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය 29 වැනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයකම ධාවනය කිරිමට නියමිතය.
(නිමල කොඩිතුවක්කු)
දුරගමන් සේවාවල මගීන්ගේ ගමනාගමනය අඩුවීම හේතුවෙන් බදුල්ල බලා ධාවනය වන දෙනුවර මැණිකේ සහ යාපනය බලා ධාවනය කරන නගරාන්තර ශිඝ්‍රගාමී දුම්රිය තාවකාලිකව නතර කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
බදුල්ල සහ යාපනය ඇතුළු දුරගමන් දුම්රිය සේවවල සතියේ දිනවල දුම්රිය මගීන් අඩු සංඛ්‍යාවක් ගමන් කිරීම හේතුවෙන් අධික පාඩුවක් දැරීමට සිදුව ඇති බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
එම දුම්රිය සැප්තැම්බර් 15 වනදායින් පසු සති අන්තයේ දී පමණක් ධාවනයට එක්කිරීමට සැලසුම් කර ඇති බවද ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

