( මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි )
බොරැල්ල - මීගොඩ මාර්ගයේ අතුරුගිරිය පෝරේ කනත්ත පාර අසලදී පොලිස් යතුරු පැදියක් නවතා තිබූ බහාලූම් රථයක ගැටීමෙන් පොලිස් යතුරුපැදියෙහි ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ අතුරුගිරිය ඥානවිමල මාවතේ පදිංචිව සිටි ආර් ඒ නිහාල්රත්න නමැති 56 හැවිරිදි තිදරු පියෙකි.
අනතුර සම්බන්ධයෙන් බහාලුම් රථයේ රියදුරු සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.