නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරිය දනගැස්වීම නිසා දඬුවම් ලැබූ වයඹ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට එරෙහිව අද ඇපෑලක් ඉදිරිපත් කළේය.
2013 ජූනි 14 වැනි දා මේ ගුරුවරිය දණගැස්වූ බවට තීරණය කළ පුත්තලම මහාධිකරණයට ඔහුට තෙවසරක සිර දඬුවමක් පනවා එය වසර හතකට අත්හැටුවීය.
රුපියල් 50,000ක දඩයක් හා රුපියල් තුන් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නියෝග කැරිණි.
පසුගිය මැයි 12 වැනි දා දුන් එම තීන්දුව නිෂ්ප්‍රභ කර තමා නිදොස්කොට නිදහස් කරන්නැයි සරත් කුමාර ඉල්ලයි.

