නවකවධයට පක්ෂ 9ක් රිමාන්ඩ්


සෙනරත් බණ්ඩාර
 
නවක වධයට විරුද්ධ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දුන්නේයැයි කියන සිසුන් නව දෙනකු බ්‍රහස්පතින්දා (25) තෙක් රිමාන්ඩ් කරන ලෙස  මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික  අත්තනායක මහතා නියෝග කළේය.
 
එම සිසුන් පිරිස අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී අද පොලිසියට භාර වූහ.  ඔවුන්ගෙන් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූහ.