(දිනේෂ් උපදේන්ද්‍ර)
වයඹ සරසවියේ නවක වදයට එරෙහිවූ නවක සිසුන් තිදෙනකුට පහරදුන්නේයැයි සැකපිට එම සරසවියේ ජ්‍යෙෂ්ඨ සිසුන් 14 දෙනකු ලබන 28 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය නියෝග කළාය.
1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවකවදය සහ වෙනත් ස්වරූපයේ කායික ක්‍රියා තහනම් කිරීමේ පනතේ පළමු සහ තුන් වැනි වගන්ති ප්‍රකාරව සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව මෙම සිසුන් වැරදි සිදු කර ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නාය.
පොලිසිය ඉදිරිපත් කළ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තියට අනුව මෙය නවක වද පනතේ දෙවැනි වගන්තියට ද අදාළ වරදක්දැයි සොයා වාර්තා කරන ලෙස පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය ඒ වන තෙක් සිසුන් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළාය.
පහරකෑ සිසුන්ගේ වෛද්‍ය වාර්තා පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණු අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය එම වෛද්‍යවාර්තා ඊළඟ නඩු දිනයේ ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළාය.