ගයාන් අමරසේකර
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව සරසවි සිසුන් මුහුණ දෙන නවක වදය නැවැත්වීමේ එක් වැඩපිළිවෙළක් ලෙස නව (EMERGENCY SAFTY MOBILE APP) එකක් හදුන්වාදීමේ උත්සවයක් අද (6) කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
එහිදී එම ඇප් එක මගින් නවක වදයට ලක්වන සිසුවාට හෝ එවැනි සිද්ධියක් දුටු පුද්ගලයකුට පැමිණිලි කළ හැකිය.
අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහත්වරු ඊට සහභාගී වුහ.