නවකවදය දෙන සිසුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියා කරන්න යයි



 
සුජිත් හේවාජුලිගේ
 
විශ්ව විද්‍යාලයක දී හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකදී නවකවදය දී හසුවන සිසුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තිරණය කර ඇත.


මෙවැනි වරදකට හසුව අධිකරණයෙන් වැරදිකරුවකු වන  සිසුවකුට වසර දහයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පැනවීමට හා ශිෂ්‍යභාවය අහෝසි කිරිමට පියවර ගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.


මේ දඬුවම් පිළිබඳ සිහි කැදවමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා සිසුන්ගේ මව්පියන්ට අද (5) නැවත වරක් නිවේදනයක් යවා තිබේ.


විශ්ව විද්‍යාලයකදී හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකදී කිසියිම් ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක වෙනත් ශිෂයයකු හෝ ශිෂ්‍ය පිරිසක් මගින් කුරිරු හා අමානුෂික අන්දමින් සැලකිම, මානසික ශාරිරික හෝ ලිංගික හිංසනයකට හෝ ප්‍රචණ්ඩත්වයකට ලක් කළ හොත් ඒ පිළිබඳ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාවේ ස්ථාපන කර ඇති 011 - 2123700 දුරකතන අංකයට දැනුම් දී අදාළ පොලිස් ස්ථායනට වහාම පැමිණිල්ලක් කළ යුතු බව එම කොමිසම දැනුම් දෙයි.