අමල් වික්‍රමරත්න
නවක වදය ලබාදීමේ සිද්ධියක් මත අත්අඩංගුවටපත් ගාල්ල ලබුදුව කෘෂි තාක්ෂණ පීඨයේ දෙවන සහ තෙවන වසර සිසුන් 5 දෙනා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට අද සවස ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
නේවාසිකාගාරයේ සිටි නවක සිසුවියක් විසින් නවක වදය ලබාදීමක් පිලිබදව අක්මීමන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනය කිරීමෙන් පසුව අදාල සිසුවියන් 4 දෙනා සහ සිසුවා අද අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කලබව අක්මීමන පොලිසිය සදහන් කරයි.
නවක වදය ලබාදීමට එක්වූ සිසුවියන් අතර කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසර සිසුවියන් දෙදෙනෙකු සහ තෙවන වසර සිසුවියන් දෙදෙනෙකු මෙහෙයවූ අනෙක් සිසුවාද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිලිබදව අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.