(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව ඥාතීන් පවසයි.
විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිවීම හා නවක වධයට විරුද්ධවීම හේතුවෙන් නේවාසිකාගාරයට පැමිණ මෙම පහරදීම සිදුකළ බව
(රෝහල් ගතව සිටින සිසුවා මෙසේ පැවසීය)
2025 04.29 වෙනි දින ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිව්වන වසරේ සහ තෙවන වසරේ අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් මා නවක වදයට විරුද්ධව කටයුතු කිරීම සහ ශිෂ්‍ය අන්වර්ථ නාමයක් නොමැතිව විශ්ව විද්‍යාලය තුළ සැරිසැරීම හේතුවෙන් මගේ බෝඩිමට පැමිණ පහර දීමක් සිදු කළා
සිසුන් 20ක පමණ පිරිසක් යතුරු පැදි වලින් පැමිණ හෙල්මට් වලින් මගේ හිස ප්‍රදේශයට සහ කොන්ද ප්‍රදේශයට දැඩි ලෙස පහර දුන්නා
මේ සම්බන්ධයෙන් මා හට උපරිම සාධාරණයක් කරන මෙන් මම ඉල්ලා සිටිනවා.